ම්ම්ම්ම්….බ්ලොග් එකක් පටන් ගත්තු එකේ දැන් මොනව හරි ලියන්නත් එපැයි. මේ දවස්වල නම් ජීවිතේ මාර කම්මැලියි. ප්‍රතිපල එනකම් ඔහේ ගෙදරට වෙලා ඉන්නව. උදේට නැගිටිනව, මූණ හෝදනව, ඊට පස්සෙ කනව. ඊටත් පස්සෙ දාගන්නව යන්තරේ….ඕක දාගෙන ඉතින් මොනව මොනව හරි සයිට් ටිකක් බලල ඇස් රිදෙන්න ගත්තම නිදාගන්නව. දවල් දෙක විතර වෙද්දි නැගිටල කනව. ඊට පස්සෙ ආයෙ යන්තරේ දාගෙන ඔන්ලයීන් එෆ්. එම්. චැනල් එහෙකුත් දාගෙන ආයෙ අන්තර්-ජංජාලෙ. අන්තිමට රැට කාල කාමරේට ගිහින් නින්ද යනකං දෙශපාලනේ ගැන හරි ඉතිහාසෙ ගැන හරි ලියවුණු පොතක් කියවනව. ඕක තමා මේ දවස් වල ජීවිතේ. මෙහෙම ගියොත් මට හඳුනානොගත් ලෙඩක් හැදිල මැරිල යන හින්ද ලඟදි ඉදල උදේට ව් ව්‍යායාම කරනව (මගෙ බරත් මට නොදැනිම ඉලක්කම් තුනකට නැගල). හිතුනම පාපැදිය අරන් පදිනව. කොහොම හරි බර කිලෝ 75 කට විතර අඩු කරගත්තොත් ඇති.
මං කලින් කිව්ව වගේ මං මේ බ්ලොග් එක පටන් ගත්තෙත් කම්මැලි කම යන්ට කියලනෙ. පටන් ගත්තට මොකෝ තියෙන කම්මැලි කමට ලියන්න මාතෘකාවක්වත් හිතට එන්නෙ නෑ. කල්පනා කර කර ඉන්නකොට මතක් උනා මට තියෙන එක පිස්සුවක් ගැන, ඒ තමා දුම්රිය පිලිබඳව තියෙන ආසාව. දුම්රිය ආශ්‍රිත තාක්ෂණය වගේම දුම්රියෙන් ගමන් යන්නත් මට තියෙන්නෙ පුදුම ආසාවක්. සමහරුන්ට නම් දුම්රිය නම ඇහුනමත් යකා නගිනව, මොකද ලංකාවෙ දුම්රිය සේවය ඒ තරම් කාර්යදක්ෂමයි. කලට වෙලාවට යන්න ඕනෙ ගමනකට දුම්රිය නුසුදුසු වුනත් විනෝදයට හෝ නිවාඩුවකට යනවනම් දුම්රිය තරම් ආශ්වාදජනක ප්‍රවාහන සේවයක් නම් මටනම් තවත් නෑ. ඉතින් ඒ නිසා මම මගේ ගමන් වලට හැකි සැමවිටම දුම්රිය යොදාගන්නව. සිරිලක වටා විවිධ තැන් වල සංචාරය කිරීම මගේ එක් විනෝදාංශයක් නිසා රට වටේම දුම්රියෙන් ගමන් කරන්නත් ලැබිල තියෙනව. ඔය යන අතරෙ කැමරාව අරන් හතර වටේ පින්තූර ගන්න එකත් තව පිස්සුවක් (ඔය පිස්සුව නිසා තව පොඩ්ඩෙන් අනුරධපුරය දුම්රිය ස්ථානයෙදි ලොකු අමාරුවක වැටෙනව…යන්තම් පොලිසි නොයා බේරුනා).
ඉතින් මට හිතුනා මං දුම්රියෙන් ගමන් කරන විට දුටු දේ ඔබ සියලුදෙනා සමග බෙදා හදාගන්න. මම කොළඹ කොටුව හා බදුල්ල අතර සම්පූර්ණ ගමන 13 වතාවක් සිදු කරල තියෙනව(සමහරු කියයි ද දන්නෙ නෑ මං නයි අරිනව කියල). ඒ නිසා මම ඒ ගමනේදී අත් විඳිය හැකි දේ පිළිබදව කොටස් වශයෙන් මේ බ්ලොග් ඒකේ ලියන්න අදහස් කරගෙන ඉන්නව. හරියට රූපවාහිනියේ යන “උඩරට මැණිකේ” වැඩසටහන වගේ, නමුත් ඊට වඩා මේක වෙනස් වෙයි කියල හිතෙනව මොකද ඒ වැඩසටහනේ වැඩිපුර අවධානය යොමු වෙන්නෙ දුම්රිය මග අවට ඇති ඓතිසාසික හා සමාජ විද්‍යාත්මකව වැදගත් දේවල් වලට. මම හිතන් ඉන්නෙ මගේ බ්ලොග් සටහන් දුම්රිය මාර්ගයටම සීමා කරන්නත්, සාමාන්‍යයෙන් මෙතෙක් වැඩි දෙනාගේ අවධානයට යොමු නොවූ දේවල් ගැන කතා කරන්නත්. තවද රූපවාහිනි වැඩටසටහන මෙන් නොව මේ බ්ලොග් සටහන් නැවත නැවත පරිහරණය කර හැකි නිසා මාගේ ලිවීම අපතේ යාමක් ලෙස මට හිතෙන්නෙ නෑ.
එහෙනම් මාත් එක්ක හැතක්ම 181 ක දුර ගමනක් යන්න කැමති අය ගමනට උවමනා බඩු බාහිරත් අරන් මගෙ බ්ලොග් එකට එකතු වෙන්න කියල ආරධනා කරනව. අපේ ගමනෙ පළමු කොටස කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා, පිටත්වීම ලඟදීම…..
onna maaath ena wa ea trip eka yanna . . .. ikmanata patan ganin . . . . ! ! !
හෆ්ෆා කෝච්චියක ගිය කාලයක් මතක නෑ……!! කියන්නකෝ බලන්න අපිට….!! 🙂
mamath enooo…mage barath akuru thunak dan !
එහෙනම් කෝච්චි පාර දිගේ පයින් යං බදුල්ලටම…බර නිකම්ම අඩුවෙයි.
එහෙනං (දුම්රියෙන්) ගමනේ… යා…..!
ඔන්න මම නම් පෙරේදා අවුරුදු 15කට පස්සේ කෝච්චියෙන් බදුලු ගියා 🙂
මගෙත් බර ඉලක්කම් තුනක්. මමත් යන දේවාලෙක යන්නෙ කෝච්චියෙ තමයි.. ෆොටෝ උන නම් කාටත් තියෙනවනෙ.. 😉